සෑම රාජ්‍ය සේවකයෙකුටම මෙම මස සිට ලබාදෙන රුපියල් 5,000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට සාකච්ජා ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන පනත් කෙටුම්පත (ජූලි 07) දින ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක් විය.

කොවිඩ් 19 වසංගත හමුවේ බලපැමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප්‌ ගෙවීම සඳහා අදාළ සමාගම්වලට සියයට 4 පොලී පදනම යටතේ, බැංකු ණය ලබාදීමට රජය පියවර ගෙන ඇත.

පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 2500 කින් ඉහල නැවීමට හැකි අන්දමින් 2016 අංක 3 දරණ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

Latest News