වැඩිකල 5,000 පෞද්ගලික අංශයටත් දීමට සාකච්ජා

ජන 05, 2022

    සෑම රාජ්‍ය සේවකයෙකුටම මෙම මස සිට ලබාදෙන රුපියල් 5,000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට සාකච්ජා ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනූව, පුද්ගලික අංශයට එම දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ බලය කම්කරු අමාත්‍යවරයාට පැවරීමත් සමගයි.

    මේ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ හාම්පුතුන් සමග පළමු වටයේ සාකච්ජා මේ මස 7,10 හා 11 යන දිනවල කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිතයි.

    Latest News