ඉරිදා ප්‍රහාරයේ දර්ශන සමඟ 05ක් මාට්ටු...... හමුදා මුරපොළක් ද පටිගත කරලා

මැයි 01, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ දර්ශන, තව්හීත් ජමාත් සංවිධානයේ නායකයාගේ සේයාරූ, වනාතවිල්ලුව ප්‍රදේශයේ පුහුණු කඳවුරක ජායාරූප ජංගම දුරකතනවල ළඟ තබාගත් පුද්ගලයින් පස්දෙනෙකු කැබිතිගොල්ලෑවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කැබිතිගොල්ලෑව නගරයේදී යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ පරීක්ෂාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට පත් පුද්ගලයන්ගෙන් තිදෙනෙක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ වෙළඳ සැල්වල සේවය කරන්නන් වන අතර ඔවුන් වවුනියාව, කින්නියාව සහ කන්කසන්තුරේ යන ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් යැයි පොලිසිය පවසයි.

    හොරොව්පොතාන මාර්ගයේ හිජ්රාගම පොලිස් යුද හමුදා මාර්ග බාධකයේ දර්ශන ගත කිරිම සම්බන්ධයෙන් වු සැකය මත දෙදෙනෙකු අත්අඩංගුවට පත්වූවන් අතර සිටි. සැකකරුවන් අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. යුද හමුදාව සහ පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වයි.

    Last modified on බදාදා, 01 මැයි 2019 16:15

    Latest News