එ. ජා. විශේෂ නියෝජිතයා අගරදගුරුතුමා හමුවේ

මැයි 01, 2019

    ඊයේ (30) කොළඹ අගරදගුරු මැදුරේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත මිගුවෙල් ඒන්ජල් මොරටිනෝස් (Under Secretary Mr.Miguel Angel Moratinos) මහතා ඇතුළු පිරිස අගරදගුරු අතිඋතුම් රංජිත් මැල්කම් කාදිනල් හිමිපාණෝ හමු වූහ.

    රටේ ඇති වී තිබෙන තත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම අවස්ථාවට, පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේ, මුෆ්ති මවුලවී තුමා, ශිව ශ්‍රී විදීශ්වරා කුරුක්කල්තුමා ඇතුළු සර්ව ආගමික නායකයින් සහ ආගමික සම්මේලනයේ සභාපති ෂර්ලි තිසේරා මහතා ඇතුලු පිරිසක් ද සහභාගි වූහ.

    Latest News