අනන්‍යතාව තහවුරුවට බාධා වන මුහුණ ආවරණය තහනම් - ජනපති

අප්‍රේ 28, 2019

    ශ්‍රී ලාංකීක ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන මුහුණ ආවරණය කිරීම හෙට (29) සිට තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

    ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය හදිසි අවස්ථා නියෝග යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන්වේ.

    රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහාජිවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති විසින් මෙම තීරණයට එළඹ ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්වේ.

    ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය

    මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම හෙට සිට තහනම් කිරීමට පියවර

    ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (2019.04.29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
    මෙහිදී අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරනය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිළි කර තිබේ.
    රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහාජිවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළඹ ඇත.

    ජනාධිපති මාධ්‍ය අංශය
    2019.04.28

    Last modified on ඉරිදා, 28 අප්‍රේල් 2019 23:18

    Latest News