ත්‍රස්තවාදයට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහය.... රුසියාව ලංකාවේ විශ්වාසදායක සහකරුවකු.... ජනපති පූටින්

අප්‍රේ 27, 2019

    ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ තර්ජනයට එරෙහිව ගෙනයන අරගලයේ දී පෙර ලෙසම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සහකරුවකු වශයෙන් රුසියාව ඉදිරියටත් කටයුතු කරන බව රුසියා ජනාධිපති ව්ලදිමීර් පූටින් පවසයි.

    පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශෝකය ප්‍රකාශ කරන රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

    "ශ්‍රී ලංකාවේ නගර කිහිපයක සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියා මාලාවේ ඛේදනීය ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අතිශය අවංක කණගාටුව පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමි. ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ තර්ජනයට එරෙහිව ගෙනයන අරගලයේ දී පෙර ලෙසම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සහකරුවකු වශයෙන් රුසියාව ඉදිරියටත් කටයුතු කරන බව තහවුරු කිරීමට මෙය අවස්ථාවක් කොට ගනිමි.පාස්කු උත්සව සමයේ උත්කෘෂ්ඨතම අවස්ථාවේ දී සිදුකරන ලද මේ ක්‍රෑරතර සහ නරුම අපරාධය ක්‍රියාත්මක කළවුන් සහ එය ඇණවුම් කළවුන් ඊට හිමි දඬුවම් ලබනු ඇතැයි මම අපේක්ෂා කරමි. මියගියවුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ශෝකය ඔවුන් සමඟ බෙදාහදා ගන්නා අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ලැබෙනු ඇතැයි අප රටේ ජනතාව ප්‍රාර්ථනා කරයි."

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 15:54

    Latest News