තම රට සතු නවතම බැලස්ටික් මිසයිලය යොදා ගනිමින් යුක්රේනයේ කීව් අගනුවර මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තර්ජනය කරනවා.
ඔහු අවධාරණය කරන්නේ අමෙරිකාව ඇතුලු බටහිර රටවල් ලබාදුන් මිසයිල භාවිත කරමින් රුසියානු භූමිය වෙත සිදු කරන ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන ඇති බවයි.
රුසියාවේ නවීනතම ඔරෙෂ්නික් බැලස්ටික් මිසයිලයේ ප්‍රහාරක බලය උල්කාපාත පහරකට සමාන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ ප්‍රකාශ කළා.
ඔහු පෙන්වා දෙන්නේ මෙම හයිපර්සොනික් අවියට දැඩි ලෙස ශක්තිමත් ඉලක්ක වෙත සාර්ථකව පහර දිය හැකි බවයි.
මොස්කව් සතුව දැනටමත් එවැනි මිසයිල කිහිපයක් පවතින අතර උසස් ආයුධ පද්ධතියේ මහා පරිමාණ නිෂ්පාදනය ආරම්භ කර ඇති බව ජනාධිපති පුටින් කසකස්තානයේ අගනුවර පැවති සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ සමුළුවකදී කියා සිටියා.
ඔහු මේ බව සඳහන් කළේ රුසියාව විසින් යුක්රේනයේ බලශක්ති ජාලයට විශාල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුවයි.