පිට පිට රජ වූ පුටින්

මාර් 18, 2024
    රුසියානු ජනාධිපතිවරණයෙන් වත්මන් ජනපති ව්ලැදිමිර් පුටින් විශිෂ්ඨ ජයක් ලබා තිබෙනවා.

    මෙතෙක් ලැබී ඇති ප්රතිඵලවලට අනුව, ඔහුට සියයට 87 කට වැඩි මනාප සංඛ්යාවක් ලැබී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරන්නේ.

    මේ වන විට ඡන්දවලින් සියයට 90 ක් ගණනය කර අවසන් අතර, රුසියානු මැතිවරණ කොමිසම පවසන්නේ, පුටින් සියයට 87.3 ක මනාප ප්රතිශතකයකින් ජය ලබනු ඇති බවයි.
     
    ඔහුගේ ප්රධාන ප්රතිවාදියා වන කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක නිකොලායි කරිටොනොෆ් ලබා ඇති ඡන්ද ප්රතිශතය සියයට 4.3 ක්.
     
    නව ජනතා පක්ෂයේ අපේක්ෂක ව්බැදිස්ලාව් දවාන්කොෆ් ලබා ඇති මනාප ප්රතිශතය 3.9 ක් වන අතර, ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ ලියොනිඩ් ස්ලට්ස්කි ලබා ඇති මනාප ප්රතිශතය 3.2 ක්.
     
    මෙවර මැතිවරණයේ ඡන්දය භාවිත කිරීම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් සියයට 74 ක් ඡන්දය භාවිත කර තිබෙනවා.

    Latest News