පොලිස් ඇඳිරිනීතිය අවසන්

අප්‍රේ 26, 2019

    ඊයේ රාත්‍රි 10.00ට ක්‍රියාත්මක වූ පොලිස් අඳිරි නිතිය අද පෙරවරු 4.00න් අවසන් විය.

    බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ කණ්ඩායම් 15ක් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකරුවන් 70කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    මේ වනවිට ආරක්ෂාව සඳහා හමුදාවේ දසදහසක පමණ පිරිසක් යොදවා ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය.

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 08:38

    Latest News