පුත්තලමේ දී ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අල්ලයි

අප්‍රේ 26, 2019

    පුත්තලම, නූර් නගර් ප්‍රදේශයේදී  බලපත්‍ර නොමැති මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, සජීවි පතරොම් 6ක්, හිස් කොපු 05ක් හා ගංජා මිලිග්‍රෑම් 380ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකෙරිණ.

    ඊයේ (25) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු වයස අවුරුදු 35ක් වූ කඩයාකුලම්, මනගුණ්ඩුව, පුත්තලම ප්‍රදේශයේ පදිංචි නූර්දීන් බසීර් මොහොමඩ් ඉස්මන් නැමැති අයෙකි. සැකකරු අද (26) වන අද දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පුත්තලම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. 

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 08:48

    Latest News