පොලීසියෙන් නිවැරදි කිරීමක්

අප්‍රේ 26, 2019

    පසුගිය පාස්කු ඉරිදා දින ජාතික තව්හීඩ් ජමාත් ත්‍රස්ත සංවිධානය සිදුකල මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාළව පුද්ගලයින් රැසකගේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යයට නිකුත් කෙරිණ.

    එහි අබ්දුල් කාදර් ෆාතීමා කාදියා නැමැත්තියගේ බවට පොලීසිය පෙර නිකුත් කළ ඡායාරූපය ඇගේ නොවන බවත් පොලීසියට සැබෑ ලෙසම අවශ්‍යව ඇත්තේ, අබ්දුල් කාදර් ෆාතීමා කාදියා නැමැති සැකකාරිය බව පොලීසිය යළි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ දුරකථන අංක 071 859 1771 යන අංකය 011 2422176 යන අංකය හෝ 011 2395605 යන අංකය අමතා තොරතුරු දැනුම් දිය හැකියි.

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 08:39

    Latest News