බෙලිඅත්ත දුම්රිය ස්ථානයටත් මගීන් 267ක්

මැයි 26, 2020

    ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමඟ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.

    බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා දුම්රියන් දෙකක් ධාවනය කෙරිණි.

    අළුයම 5.10 බෙලිඅත්තේ සිට මරදාන බලා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සහ අළුයම 5.20ට සාගරිකා දුම්රිය ගමන් ආරම්භ කිරීමට තිබුණ ද නගරාන්තර සීඝ්රකගාමී දුම්රිය පෙරවරු 5.45ටත් සාගරිකා දුම්රිය පෙරවරු 5.55ටත් ගමන් ආරම්භ කෙරිණි.

    දුම්රියෙන් යාමට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි අතර මොවුන් සියලු දෙනාටම දුම්රියෙන් යාමට අවස්ථාව ලබා දීම හේතුවෙන් දුම්රිය ගමන් ආරම්භ කිරීමේ සුළු ප්‍රමාදයක් සිදුවූ බව දුම්රිය කාර්යය මණ්ඩලය පැවසීය.

    ඒ අනුව නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ මගීන් 112 දෙනක් ද සාගරිකා දුම්රියෙන් මගීන් 155 දෙනක් ද බෙලිඅත්තෙන් පිටත් විය.

    නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ඉකුත් මාර්තු 20 වැනිදා ගමන් කිරීමෙන් අනතුරුව මාස දෙකකට වැඩි කාලයකට පසු අද දින ගමන් කළේය.

    Train2

    Latest News