මුදල් විශුද්ධිකරණයට හා ඊට අනුබල දුන් 4ක් STF අත්අඩංගුවට

ජූනි 17, 2022

    මුදල් විශුද්ධි කරණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු හා ඊට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ශ්‍රී ලංකාවේ වලංගු මුදල් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ අනුපන් දහසක මුදලක් හා රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

    විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (16) පිටකොටුව පොලිස් වසමේ අංක 185, වෙළද සන්කීර්ණයේ, ටෙනෙට් වෙළද සැලේ දී, අංක 177/5, හෙට්ටිවීදිය සයුර ජුවලරි වෙළද සැලේ දී , මාළිගාවත්ත, නුරානියා හන්දියේ දී සහ අංක 185/17, හෙට්ටිවිදිය, කොළඹ 11, සිනේ ජුවලරි වෙළද සැලේ වැටලීම් සිදුකර ඇත.

    එහි දී මුදල් විශුද්ධි කරණය කිරීමේ වරදට සහ ඊට අනුබල දුන් වැල්ලවත්ත, කොළඹ 15, අළුත්කඩේ සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25, 31, 41, 51 ක පුද්ගලයන් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවේ වලංගු මුදල් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ අනුපන් දහසක මුදලක් හා රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ටාශය වෙත භාර දී ඇත.

    Latest News