මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා උණ්ඩ සමග පුද්ගයකු STF අත්අඩංගුවට

ජන 17, 2022

    මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ආකාරයෙන් සකසන ලද ගිනි අවියක් හා උණ්ඩ සමග පුද්ගයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.



    විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කොටවිල කඹුරුගමුව, තල්අරඹ ප්‍රදේශයේ නිවසක් පිටුපස කෙසෙල් පඳුරක් යට වල දමන ලද නීති විරෝධී ලෙස මෙරට නිෂ්පාදිත රිවොල්වරයක් ආකාරයෙන් සකසන ලද ගිනි අවියක් හා මිලි මීටර් 9 උණ්ඩ 02 ක් සමග 31 හැවිරිදි පුද්ගලයකු අද (17) දින අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ගිනි අවිය සඳහා එකවර මිලි මීටර් 9 උණ්ඩ 05 ක් යෙදිය හැකි අතර අත්අඩංගුවට ගත් සැකකරු කොටවිල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම සැකකරු කුමන අරමුණකින් මෙම ගිනි අවිය භාවිතා කරන ලද්දේ ද යන්න වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

    Latest News