20,21,22 විශේෂ දුම්රිය වාර

අප්‍රේ 18, 2019

    සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත සිය රාජකාරී කටයුතු සඳහා වාර්තා කිරීමට විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාතමකයි.

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව ලබන 20,21හා 22 යන දිනවල පහත පරිදි මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    අප්‍රේල් 20

    - මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව. 10:00ට මාතරට ලඟාවීම ප.ව. 1:15
    - මාතර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.3.00ට මරදානට ලඟාවීම ප.ව. 6:30

    අප්‍රේල් 21

    - මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව. 6:55 මාතරට ලඟාවීම ප.ව. 10:00
    - කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව. 7:00ට බදුල්ලට ලඟාවීම පසුදින අලුයම 5:10
    - බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව. 7:30ට කොළඹ කොටුවට ලඟාවීම පසුදින අලුයම 5:35
    - කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව. 6:00ට කන්කසන්තුරෙයිට ලඟාවීම පසුදින අලුයම 12:50
    - කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව. 7:15ට කොළඹ කොටුවට ලඟාවීම පසුදින අලුයම 2:25
    - මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව. 9:00ට බෙලිඅත්තට ලඟාවීම ප.ව. 12:45
    - බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.1:15ට කොළඹ කොටුව හරහා රඹුක්කනට ලඟාවීම ප.ව. 7:10

    අප්‍රේල් 22

    • මාතර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව. 5:45ට මරදානට ලඟාවීම පෙ.ව. 8:40‍ෙ
    • මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව. 4:35ට කොළඹ කොටුවට ලඟාවීම පෙ.ව. 7:20

    අප්‍රේල් අටවැනිදා විවෘත කළ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් එම දවසේ එම දුම්රිය ස්ථානයේ ලද ආදායම රුපියල් 1945ක්. නමුත් 17 වැනි දින පමණක් රුපියල් පන් ලක්ෂ හතළිස් දෙදාහක ආදායමක් බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ලැබී තිබේ. ඉදිරියේ දී එම දුම්රිය ස්ථානයෙන් ලැබෙන ආදායමත් තවදුරටත් වර්ධනය වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 09:01

    Latest News