සිරකරුවන් බලන්න අවුරුද්දට දින 5ක්

අප්‍රේ 13, 2019

    අපේ‍්‍රල් මස 13 වැනි දින සිට 17 වැනි දින දක්වා බන්ධනාගාර ගතරැදවියන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් මෙය ක්‍රියාත්මක බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා පවසයි. එම දින තුළ ඇති විය හැකි ප‍්‍රවාහන දුෂ්කරතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ. මීට පෙර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැදවූවන් බැලීමට ඔවුන්ගේ පවුල්වලට අවස්ථාව ලබා දී තිබුණේ අවුරුදු දිනය හා තවත් එක් දිනක් පමණයි.

    Last modified on සෙනසුරාදා, 13 අප්‍රේල් 2019 08:32

    Latest News