මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් අමාත්‍යංශයට

අප්‍රේ 12, 2019

    ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු විෂයන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතට පවරා තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (12) නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම පවරාදීම කර ඇත.

    රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු මීට පෙර ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවතිණ. පසුගිය දෙසැම්බර් 28 වැනි දා ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගනු ලැබීය.

    Latest News