මුහුදේ පා කිරීමට හැදූ පාර්සල් 33ක් නාවික හමුදා භාරයට

මාර් 29, 2019

    නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 29) මන්නාරම දකුණු මුහුදු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1456.1 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව තිබේ.

    නාවික හමුදාව පැවසුවේ මෙම බීඩී කොළ තොගය පාර්සල් 33 ක බහා තිබී ඇති බවයි.

    නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒම සඳහා මෙම බීඩි කොළ තොගය ඇසුරුම් කර මුහුදේ පා කිරීමට කටයුතු කර ඇතැයි සැක ‍කෙරේ. අදාළ බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිත බවයි නාවික හමුදාව ප්‍රකාශ කරයි.

    මේ අතර, පසුගිය මාර්තු 26 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් උඩප්පුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1232.5 ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.

    ඒ අනුව, මෙම වර්ෂයේ දී පමණක් නීති විරෝධී ලෙස බිඩී කොළ මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද අවස්ථාවන් 08 කදි පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී බීඩී කොළ කිලෝග්‍රෑම් 8000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

    2

    5

    4

    6

    Last modified on සිකුරාදා, 29 මාර්තු 2019 15:54

    Latest News