මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 47ක් නාවික හමුදා භාරයට

ජූනි 28, 2022

    අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් පුද්ගලයින් 47 ක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු ප්‍රදේශයේ ඊයේ ( 27 ) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව ඊයේ රාත්‍රියේ මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නීරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබෙයි.

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ද (05) ඇතුළුව වැඩිහිටි පිරිමි පුද්ගලයන් 34 ක්, වැඩිහිටි කාත්තාවන් 06ක් සහ ළමුන් 07 ක් එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

    Latest News