කොළඹට අද පැය 24ක ජල කප්පාදුවක්

මාර් 30, 2019

    කොළඹ ඇතුලූ තදාසන්න ප‍්‍රදේශ කිහිපයකට හෙට (30) පෙරවරු 09 සිට පැය 24කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

    කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශ වලට, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස වලටද හෙට පෙරවරු 09 සිට පැය 24 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසයි.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 07:46

    Latest News