මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 47 ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත්ව තිබේ.

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් පුද්ගලයින් 47 ක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මාරවිල සහ බටහිර මුහුදු ප්‍රදේශවලින් නීති විරෝධීව රටින් පිටවීමට උත්සහ කළ පුද්ගලයන් 91 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

නාවික මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස ගෙන ආ වියලි කහ කිලෝ 1377 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අනවසර සංක්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක පුද්ගලයින් 86 ක් සහිත ඉන්දීය ධීවර යාත්‍රා 11ක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට අද ( 04) දින නාවික හමුදාවට හැකි විය.

වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව පසුගිය සතිය තුල නැගෙනහිර නාවික විධානය තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් මසුන් ඇල්ලීම සඳහා සකස් කරන ලද වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

නාවික හමුදාව කල්පිටිය, කුරක්කන්හේන ප්‍රදේශයේ ඊයේ (11) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම් වූ පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් සහ ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

Latest News