ඒ්කකයක් සඳහා අය කරන මිල ගණන් මෙන්න

ඔක් 20, 2023

    ගෘහස්ත විදුලි ඒකක 30 දක්වා ඒකකයක් සඳහා අය කෙරුණු ගාස්තුව රුපියල් 10 සිට රුපියල් 12 දක්වා ඉහළ නංවා තිබෙනවා.

    මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, රුපියල් 150 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180 ක් තෙක් ඉහළ නංවා ඇති බවයි. ඒකක 31 සිට 60 දක්වාවූ ඒකකයක රුපියල් 25 ක්ව පැවති ගාස්තුව රුපියල් 30 ක් වනු ඇති.

    රුපියල් 300 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 360 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ. ඒකක 61 සිට 90 දක්වා රුපියල් 35 ක් ලෙස පැවති විදුලි ඒකක ගාස්තුව රුපියල් 41 ක් ලෙස සංශෝධිතයි. මෙතෙක් රුපියල් 400 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 480 දක්වා ඉහළ නංවා තිබෙනවා. 91 සිට 120 දක්වාවූ ඒකකයකට රුපියල් 50 ක්ව පැවති ගාස්තුව මෙම නව අයකිරීම රුපියල් 59 ක්.

    රුපියල් දහසක ස්ථාවර ගාස්තුව රුපියල් 1180 දක්වා ඉහළ නංවා තිබෙනවා. 121 සිට 180 දක්වාවූ ඒකකවලට අදාළව විදුලිය ගාස්තු සංශෝධනයක් සිදු නොවන අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 1770 දක්වා ඉහළ නැංවීමට අනුමැතිය හිමි වුණා.

    විදුලි ඒකක 181 සිට ඉහළට අය කෙ‍රුණු රුපියල් 75 ක්වූ ඒකක ගාස්තුව රුපියල් 89 ක් වනු ඇති. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ, රුපියල් දෙදහසක් ලෙස පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 2360 දක්වා ඉහළ නැංවීමට අනුමැතිය ලබා දුන් බවයි.

    ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහාද අය‍ කෙරුණු ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒකකයක් සඳහා අය කෙරුණු රුපියල් 10 ගාස්තුව රුපියල් 12 දක්වාද, රුපියල් 20 ඒකක ගාස්තුව රුපියල් 24 දක්වාද, රුපියල් 35 ක් ලෙස අය කෙරුණු ඒකක සඳහා වන ගාස්තුව රුපියල් 41 දක්වාද ඉහළ නංවනු ලැබුවා.

    ඒකක 121 සිට 180 දක්වා වන ආගමික ස්ථාන සඳහා අය කෙරුණු රුපියල් 45 ක ඒකක ගාස්තුව රුපියල් 53 ක් ලෙස සංශෝධිතයි. ඒකක 181 ට වැඩියෙන් පරිභෝජනය කෙරෙන පුණ්‍යායතන සඳහා රුපියල් 50 ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 59 ක් වනවා.

    Latest News