විදුලි ගාස්තුව 14.2% කින් පහළට

ජූනි 30, 2023

    හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තුව සියයට 14.2 කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.

    ජූලි පළමු වැනිදා සිට මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා නව අඩු ගාස්තු බලපැවැත්වෙන බවයි, මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරන්නේ.   විදුලි බල මණ්ඩලය මගින් යෝජිත ගාස්තු සඳහා අනුමැතිය ලබා දුන් බව, මහජන උපයෝගීතා කොමිසම අද නිකුත් කළ නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා. නව මිල ක්‍රමය අනුව, අඩුම විදුලි පාරිභෝගික කාණ්ඩය වන ඒකක බින්දුවේ සිට 30 දක්වා 65% ක ගාස්තු අඩු වීමක් ප්‍රකාශ කර තිබෙනවා. ඒකක 31 සිට 60 දක්වා යෝජිත ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශතය 51.5% ක්. ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයට 24.5% ක ගාස්තු අඩුවීමක් ප්‍රකාශිතයි.

    හෝටල් ක්‍ෂේත්‍රය සඳහා 26.3% ගාස්තු අඩු වීමක් ද, කර්මාන්ත ක්‍ෂේත්‍රය සඳහා 9% ක ගාස්තු අඩුවීමක් ද ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා 5% ක ගාස්තු අඩුවීමක් ද ප්‍රකාශ කර තිබෙනවා. ආගමික ස්ථාන සඳහා ලබා දී ඇති මිල සහනය 16% ක්. රජයේ ආයතන සඳහා සියයට 0.8 ක ගාස්තු අඩුවීමක් ප්‍රකාශ කර තිබෙනවා. මහල් නිවාස සංකීර්ණ වෙසෙන ජනතාවගේ විදුලි බිල් ද, ඔවුන් පරිභෝජනය කරන ප්‍රමාණයට සාපේක්ෂව සැකසෙන්නේ දැයි, තහවුරු කිරීම සඳහා පියවර ගන්නා ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට හා ලෙකෝ සමාගමට දන්වා තිබෙනවා.

    Latest News