ජනපති ෂී ජිංපින් මහතා හමුවට

ඔක් 20, 2023

    චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජිංපින් මහතා අතර නිල හමුවා අද පෙරවරුවේ බිජිං නුවරදී සිදු වුණා.   දෙරටට බලපාන වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.

    මේ අතර, චීනයේ හිනන් පළාතේ පිහිටි ''සුදු තුරඟ'' විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිබිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථූපයක ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

    සුදු තුරග විහාරාධිපති යන් ලී හිමියන් සමග ඊයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. 

    සුදු තුරඟ විහාරස්ථානය චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙසයි සැලකෙන්නේ.  එහි ලාංකේය විහාර මන්දිරයේ ඉදිකිරීම් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන සමයේ ක්‍රියාවට නැංවීම සඳහා එවක කථානායකව සිටි කරූ ජයසූරිය මහතා මුල්ගත තැබුවා.  පසුකාලීනව එහි ඉදිකිරීම් ක්‍රියාත්මක නොවූ අතර, එය යළි ආරම්භ කරන ලෙස හා විහාර මන්දිර සැලසුම් අලුතින් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ.

    Last modified on සිකුරාදා, 20 ඔක්තෝබර් 2023 11:49

    Latest News