විදුලි බිලේ වෙනසක් වෙයිද?

පෙබ 28, 2024
    විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නව ගාස්තු සංශෝධනයට අනුව සියයට 18කින් පමණ විදුලි ගාස්තු අඩුවීමක් සිදුවනු ඇති බවයි.

    විදුලිබල මණ්ඩලය යොමු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් ද අද පැවැත්වැත් වීමට නියමිතව තිබෙනවා.
    මේ අතර විදුලිය බිල සියයට 37කින් අඩු කිරීමේ හැකියාව පවතින බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා පවසනවා.

    Latest News