ප්‍රදේශ රැසකට අදත් වැසි

සැප් 02, 2023

    බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර  දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100ක පමණ තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් වවුනියාව සහ මුලතිව්  දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්
    කළ නිවේදනයේ සඳහන්.

    Last modified on සෙනසුරාදා, 02 සැප්තැම්බර් 2023 14:02

    Latest News