අදින් ඇරඹෙන දෙවැනි පාසල් වාරය

ජූලි 24, 2023
    2023 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අද (24) ආරම්භ වනවා.

     එම පාසල්වල පළමු පාසල් වාරය පසුගිය සිකුරාදා දිනෙන් අවසන් වුණා.

    ඒ අනූව, දෙවන පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු 18 සිට අගෝස්තු 27 දක්වා ක්රියාත්මක වීමට නියමිතයි.
     
    දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා ක්රියාත්මකයි.
     
    මේ අතර පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
     
    අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පවත්වන බව ද අධ්යාපන අමාත්යාංශය දැනුම් දෙනවා.

    Latest News