එළවලු බීජ නිෂ්පාදනය 2030 දී නැවතෙයි

ජූලි 23, 2023

    වසර 2030 වන විට එළවලු බීජ ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීම ඉලක්කය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දේශීය එළවලු බීජ නිෂ්පාදනය පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.



    මෙරටට අවශ්‍ය එළවලු බීජ බොහොමයක් ආනයනය කෙරෙනවා. ඒවා ලබාගැනීමට අධික මිලක් ගෙවීමට ද ගොවීන්ට සිදුව තිබෙනවා. මෙය ගොවීන්ගේ ආර්ථිකයට දැඩිව බලපා ඇති බවයි ගොවි සංවිධාන පෙන්වාදෙන්නේ.

    එය සැලකිල්ලට ගෙන මෙරටට අවශ්‍ය එළවලු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ‍ මෙරට සමස්ථ එළවලු බීජ අවශ්‍යතාව ‍කිලෝ ග්‍රෑම් අට ලක්ෂයක්. එය සපුරාගන්නේ දේශීය සහ ආනයනික බීජ මගින්.

    දේශීයව නිෂ්පාදනය කෙරෙන බීජ අළෙවිය සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අනුබද්ධ බීජ අලෙවිසැල් පිහිටුවන බවයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

    Latest News