මුහුදෙන් මතු වූ රත්තරන්

ජූලි 13, 2023

    මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස දිවයිනෙන් රැගෙනයාමට උත්සාහ කළ රත්රන් කිලෝ 8 යි ග්‍රෑම් 450 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

    ඒ, කල්පිටිය - වන්නිමුන්දලම කලපු  ප්‍රදේශයේ දී. කල්පිටිය මුහුදු තීරයේ ‍ඊයේ අලුයම මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා භට පිරිසකට සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ  ඩිංගි බෝට්ටුවක් නිරීක්ෂණය වී තිබෙනවා.

    පසුව  සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එහි තිබූ රත්රන් තොගය සොයා ගැනුණා. ඒවා, පාර්සල් 4 ක සූක්‍ෂම ලෙස සඟවා රැගෙනයාමට උත්සාහ දරා තිබෙනවා.

    සැකකරුවන් දෙදෙනෙකු ද  නාවික හමුදාව බාරයට ගැනුණා.  ඔවුන් කල්පිටිය - මන්ඩලමකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන්. 

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූලි 2023 09:32

    Latest News