1 වසරට යන්න ඉන්න පොඩ්ඩන්ට ආරංචියක්

ජූලි 13, 2023

    වර්ෂ 2024 සඳහා එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය හෙට (14) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නීලමනී මලවිආරච්චි මහත්මිය පවසනවා.

    මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසුව එක වසර සඳහා දරුවන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර යොමු කිරීමට අවස්ථාව හිමිවන අතර අගෝස්තු මස 18 වැනිදා තෙක් මෙම අයදුම්පත්‍ර යොමු කළ හැකියි.

    අයදුම්පත් යොමු කිරීමේදී දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලියකියවිලි ජූනි 30 වැනිදාට පෙර සහතික කළ එවිය යුතු බව ද ඇය පවසනවා.

    මෙවර එක වසරට දරුවන් ඇතුළත් කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සාමාන්‍ය පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව උදාවන්නේ යැයි ද ඇය ප්‍රකාශ කරනවා.

    Latest News