ලක්ෂ 22ක රත්‍රං කටුනායකදී අත්අඩංගුවට

අගෝ 21, 2019

    නීතිවිරෝධීව මෙරටට ගෙන ඒමට උත්සහ කළ රත්‍රං ග්‍රෑම් 369ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේදී රේගු අත්අඩංගුවට පත්වේ.

    ලක්ෂ 22කට ආසන්න වටිනාකමකින් යුතු මෙම නීතිවිරෝධී රත්‍රං ප්‍රමාණය අද(21) දින ඉන්දියාවේ සිට පැමිණි මගියෙකු විසින් මෙම සැකකරු වෙත ලබා දී ඇති බවට තොරතුරු ලැබී තිබේ. ඉන්දියාවේ සිට පැමිණි එම මගියා මේ වන විට අතුරුදන්ව ඇති බව ද වාර්තාවේ. මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News