කෝටි 07ක රත්‍රං සමග ගුවන් තොටුපොළ සේවකයෙක් අත්අඩංගුවට

ඔක් 19, 2021

    රුපියල් කෝටි 7කට අධික රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සතුව තිබී සොයාගත් රන් බිස්කට් 48 මුළු බර කිලෝග්‍රෑම් 04කට අධික වෙයි.

    අදාළ රත්‍රං තොගය ශරීරයේ ඉතා සූක්ෂම ලෙස සඟවා ගෙන ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී ඔහු අද (19) අත්අඩංගුවට ගත් බවයි,රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසුවේ.

    රත්‍රං තොගය රාජසන්තක කර ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News