තෙල් බලපත්‍ර නිකුත් කිරීමට නව කොන්දේසි නිකුත් කෙරේ

ජූලි 11, 2023

    ‍ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමට අදාළ නියෝග ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කරනු ලැබුවේ, විෂය භාර අමාත්යෂ කංචන විජේසේකර මහතා විසින්.

    මේ අනුව, බලපත්‍රයක් ලබා දීමේ දී එහි බලයලත් නිලධාරියා වන්නේ, අමාත්‍යාංශ ලේකම්වරයා යි.

    ඔහුට බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ගැසට් පත්‍රයෙන් ඉදිරිපත් කර ති‍බෙනවා.

    ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මෙරට තුළ විකිණීම, සැපයීම හෝ බෙදා හැරීම සඳහා අයඳුම්කරුවෙකු ඉදිරිපත් වන්නේනම්, සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතු අතර, ආයෝජන මණ්ඩලයේ නියෝගවලට අනුකූල විය යුතු බව, ගැසට් පත්‍රයේ දැක්වෙනවා.

     

    Latest News