පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගුවක්

ජූලි 09, 2023

    පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට අද සිට මාස 03ක සේවා දිගුවක් ලබාදී තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල සේවා දිගුව ලබාදී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය  ටිරාන් අලස් මහතාගේ නිර්දේශ මතයි.

    හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25වැනිදා විශ්‍රාම යාමට නියමිතව තිබුණා.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට මාස 03ක සේවා දිගුවක් ලබාදුන් අතර එම සේවා දිගුවද ඉකුත් 25වැනිදායින් අවසන් වුණා. 

    එම පසුබිම තුළ සති 02කට ආසන්න කාලයක් පොලිස්පති ධූරය හිස්ව පැවතියා.  පොලිස්පති ධූරය සම්බන්ධයෙන් නිර්දේශ කිරීම ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පවරා තිබුණා. 

    මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා අතර අද සවස පැවති බවටද වාර්තාවනවා.  සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 03ක සේවා දිගුවක් ලබාදී ඇත්තේ එම සාකච්ඡාවෙන් පසුවයි.    

    Last modified on ඉරිදා, 09 ජූලි 2023 21:43

    Latest News