මන්නාරමට පාවී ආ ටග් යාත්‍රාව හා බත්තල

ජූලි 08, 2023

    කාර්මික දෝෂයක් හේතුවෙන් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයට පාවීආ ටග් යාත්‍රාව සහ බත්තල යථා තත්වයට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටිනවා.

    බත්තල රැගත් ටග් යාත්‍රාව මාලදිවයිනේ සිට ඉන්දියාව වෙත යාත්‍රා කරමින් තිබියදී පසුගියදා අනතුරට ලක් වුණා. ඉන්දීය හා ඉන්දුනීසියානු ජාතිකයන් 9 දෙනෙකු එම යාත්‍රා‍වේ කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරමින් සිටියා. කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදා ගැනීමේ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් යාත්‍රාව යථා තත්වයට පත් කිරීම සිදු කෙරෙනවා. ටග් යාත්‍රාව සහ බත්තල ශ්‍රී ලංකාවේ වයඹ මුහුදු ප්‍රදේශයට පාවී එන බවට ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සහ මුදා ගැනීමේ මධ්‍යස්ථානය මෙරටට දන්වා තිබුණා. ඒ අනුව, එහි කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් ලබාදීමටද නාවික හමුදාව විසින් පියවර ගනු ලැබුවා.

    Latest News