කැනඩාවේ ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ඇමතිවරියක්

ජූනි 28, 2023

    කැනඩාවේ රාජ්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයට ශ්‍රී ලාංකීය කාන්තාවක වන තුෂාරා විලියම්ස් මහත්මිය පත්ව සිටිනවා.

    ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත කාන්තාවකට කැනඩා රජයේ අමාත්‍ය ධුරයක් පිරිනැමුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

    කොළඹ කාන්තා විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය හදාරා ඇති ඇය, ‍කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධිය හදාරා තිබෙනවා. විලියම්ස් මහත්මිය, කෙටි කාලයක් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සේවය කර ඇති අතර, ප්‍රතිපත්ති සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධ විශේෂ දාකයක්වයක් ලබාදී තිබෙනවා. 2001 වසරේදී, කැනේඩියානු සිවිල් සේවයට එක් වූ ඇය, රාජ්‍ය ප්‍රතිපත්ති, සමාජ, ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍ර පිළිබඳව අත්දැකීම් රැසක් ඇති නිලධාරිනියකද වනවා.

    Latest News