භූතයා සහ සුනාමි නිසා අස්වනු අඩුවෙලා ද සොයයි

ජූනි 28, 2023

    ගොයම් කැපීම සඳහා යොදා ගන්නා භූතයා සහ සුනාමි නමැති සංයුක්ත කොළ මඩින යන්ත්‍රවලින් වී අස්වනුවලට බලපෑමක් ඇද්දැයි සොයා බැලීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

    අස්වනු නාස්තියක් සිදු වන බවට ඇතැමි ගොවි සංවිධාන පවසා තිබීම ඊට හේතුවයි.

    මේ පිළිබඳව වහාම අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නා. පැසුණු ගොයම් කපන අවස්ථාවේදී, වී අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් අපතේ යන බවට වාර්තා වී තිබෙනවා. එම යන්ත්‍ර උපයෝගී කර ගන්නා ආකාරය පිළිබඳව ගොවීන් දැනුවත් කරන ලෙසයි,  අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

    Latest News