උණුසුම් තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

මැයි 17, 2023

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පලාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා අද (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඊට වැඩි වේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

    Latest News