ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති

මැයි 15, 2023

    ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින්, ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ,  සමාජයේ විවිධ ජන කොටස් මගින් දිගින් දිගටම සිදු වන ළමා අපයෝජන කඩිනමින් මර්ධනය කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා විසින් පෙන්වා දී ඇති බවයි.

    ළමා අපයෝජන සිදු කරන්නන් සඳහා දැඩි දඩුවම් නියම කෙරෙන නීති පද්ධතියක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා. කළුතර 16 හැවිරිදි දැරිය මිය යාම සහ උපකාරක පංති ගුරුවරයෙකු විසින් දරුවන් 16 දෙනෙකු අපයෝජනය කිරීම ඇතුළු සිදුවීම් දිගින් දිගටම වාර්තා වුණා. එවැනි තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට නව නීති හඳුන්වා දිය යුතුයි. එහිදී, විවිධ සන්නිවේදන මාධ්‍යයන්හි භාවිතය ද සැලකිල්ලට ගත යුතුයි. පවතින නීති සංශෝධනය කිරීම ද අවශ්‍යතාවක්. අදාළ නීති, කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කර ගැනීමට ද අවදානය යොමුවී තිබෙනවා. පාසල් විෂය මාලා ද වෙනස් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. දෙමාපිය, දූදරු සබඳතා පිළිබඳව නව සංවාදයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාව ද අවධාරණය කර තිබෙනවා.

    Latest News