තවමත් සාධාරණයක් නැතැයි අධිකරණය ළඟ විරෝධතාවක් (වීඩියෝ)

මැයි 15, 2023
  • ‍කළුතර, සිසුවිය මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් සිව් දෙනා, අද කළුතර - මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.

    මෙහිදී, ඔවුන්ට විරෝධය පළ කරමින්, මිය ගිය දැරියගේ මව ඇතුළු පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

    මිය ගොස් ඇති දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවල, අදාළ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු මෙලෙස අධිකරණයට රැගෙන එනු ලැබුවා. මිය ගිය සිසුවියගේ මව ඇතුළු පිරිස නිහඬ විරෝධතාවක නියැලෙමින් ඉල්ලා සිටියේ, සිසුවියට සාධාරණය ඉටු කර දෙන ලෙසයි.

    Latest News