ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

2009 වසරේ පස්හැවිරිදි පෙර පාසල් දරුවකුට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 9 ක සිර දඬුවම් නියම කළා.

ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට එක් කළ තවත් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 34 ක සිරදඬුවම් නියම කළා.

ළමා අපයෝජනයට එරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමඟ එක්වේ.

Latest News