දරුවන් සම්බන්ධයෙන් අස්‍ය දර්ශන අන්තර්ජාලයට එක්කළ තවත් 10 දෙනෙක් හඳුනාගැනේ

අගෝ 08, 2021

    ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට එක් කළ තවත් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් පවසන්නේ, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථාපිත විශේෂ දත්ත පද්ධතියක් හා පරිගණක උපාංග භාවිත කරමින් ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන හා ඡායාරූප අන්තර්ජාලයට එක් කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්ම කරන බවයි.

    ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් 25 හැවිරිදි බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු විසින් මෙවැනි ඡායාරූප 500ක් පමණ අන්තර්ජාලයට එක්කර ඇති බවට විමර්ශණවලදී අනාවරණය විය.

    Latest News