කුලුණෙන් ආ ලොකුම ආදායම

මැයි 08, 2023

    දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල ලෙස සැලකෙන නෙළුම් කුලුන නැරඹීමට පෙරේදා (06) දිනයේ 12,204 දෙනකුට අධික ජනතාවක් පැමිණ තිබෙනවා.

    ඒ කුලුන ජනතා අයිතියට පත් කිරීමත් සමඟ පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව බවයි, නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පවසන්නේ.

    මේ අතරට විදෙස් සංචාරකයන් 76 දෙනකු ද ඇතුළත්.

    නෙළුම් කුලුන ජනතා අයිතියට පත් කරනු ලැබුවේ ගිය වසරේ සැපතැම්බර් 15 වැනිදායි.
    එතැන් පටන් මේ දක්වා සංචාරකයන් 815,982ක් මෙය නරඹා තිබෙනවා. ඒ අතරට විදෙස් සංචාරකයන් 13,057ක් ද ඇතුළත් බවයි ඔහු පවසන්නේ.

    නෙළුම් කුලුන නැරඹීම සඳහා පැමිණෙන අය මිල දී ගන්නා ප්‍රවේශ පත්‍රවලින් සහ එහි අභ්‍යන්තරයේ පිහිටි විවිධ ආයතනවලින් ලබාගත් පහසුකම්වලින් ආදායම් හිමිවන බව ද ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසනවා.

    Latest News