කුඩු අංජු ප්‍රංශයේදී අත්අඩංගුවට

අප්‍රේ 29, 2023

    ජාත්‍යන්තර රතු වරෙන්තුකරුවෙකු වන පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරවෙකු වන රත්මලානේ අංජු නොහොත් අමල් සමින්ද සිල්වා ප්‍රංශයේදී ජාත්‍යන්තර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔහු පිළිබඳව මෙරට ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කර තිබුණා. මොහු රත්මලාන ගොනාකෝවිල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්. මෙරට අපරාධ රැසකට සම්බන්ධව අවශ්‍යව සිටි ඔහු ඉකුත් සමයේ දිවයිනෙන් පලා ගොස් තිබුණා. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගේ වසය අවුරුදු 39ක්.

    Latest News