බීමතින් පදවා කරමතින් ගෙදර යමු ?

අප්‍රේ 16, 2023

    බීමත්ව රිය පැදවීම හේතුවෙන් ඊයේ (15) දිනය තුළ මාරක රිය අනතුරු දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

    පොළොන්නරුව ඕනෑගම මාර්ගයේ සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මෙම අනතුරු සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

    පොළොන්නරුව - ඕනෑගම මාර්ගයේ වලේකඩේ ප්‍රදේශයේදී ට්‍රක් රථයක් සහ අත්ට්‍රැක්ටරයක් ​​එකිනෙක ගැටීමෙන් ඊයේ මාරක රිය අනතුරක් සිදුවුණා.මෙම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු ඛේදජනක ලෙස මිය ගිය අතර තවත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    තුවාල ලැබූවන් අතර කුඩා පිරිමි ළමුන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර ඔවුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිනවා. බලධාරීන් පවසන පරිදි අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රක් රථයේ රියදුරු බීමතින් සිට ඇති අතර එය ගැටීමට හේතු වී තිබෙනවා . පොලිසිය රියදුරු අත්අඩංගුවට ගත්තා.

    ඇඹිලිපිටිය පොලිස් වසමේ රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ 98 කණුව ප්‍රදේශයේ දී තවත් අනතුරක් සිදුව තිබෙනවා.

    ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ කැබ් රථයක් එක් වරම මාර් ගය හරහා හැරවීමට උත්සාහ කිරීමේ දී රත්නපුර දෙස සිට පැමිණි වෑන් රථයක් කැබ් රියෙහි ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

    ඒ සමගම රත්නපුර දෙස සිට පැමිණි යතුරුපැදියක් ද එම ගැටීමට එක්ව තිබෙනවා. අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු 15 දෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

    අනතුරින් පසු කැබ් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර් ශන ක්‍රියාත්මකයි.

    බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා දිවයින පුරා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ විශේෂයෙන් අධිවේගී මාර්ගවලට ඇතුළු වන ස්ථානවල ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් කණ්ඩායම්ද යොදවා ඇති බවය.

    අලුත් අවුරුද්දෙන් පසුව ගම්බිම්වල සිට කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කර ඇති බව නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

    Latest News