පාසල් අද ඇර‍ඹේ

අප්‍රේ 17, 2023

    සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (17) ආරම්භ වීමට නියමිතයි.

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 5 වැනිදා සිට පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පාසල් සඳහා මැයි මස 13 වැනිදා සිට යළි නිවාඩු ලබාදීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදය හේතුවෙන් එම විභාගය සති දෙකකින් කල් දමන බව, විභාග දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළා.

    සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනිදා සිට ජුනි 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම විභාගය හේතුවෙන් පාසල් සඳහා නිවාඩු ලබාදෙන ආකාරය පසුව දැනුම් දීමට නියමිතයි.

    අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියේ අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට 2023 අප්‍රේල් 20 වැනිදා නව චක්‍රලේඛකයක් නිකුත් කරන බැවින්, එතෙක් අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට ලිපි නිකුත් නොකරන බවයි.

    Latest News