පැය 24ක් තුළ බීමත් රියදුරන් 170 ක් අත්අඩංගුවට

අප්‍රේ 15, 2019

    ගත වු පැය 24 තුළ බීමත් රියදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (14) පෙරවරු 06 සිට අද (15) පෙරවරු 06 දක්වා දිවයින කළ වැටලීම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. එ අනුව ලබාගෙන ඇති රථවාහන නඩු ගණන 3,036ක්.

    පසුගිය 11වනදා සිට මේ දක්වා සිදු කළ වැටලීම්වලින් බීමත් රියදුරන් 941 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ලබා ගෙන ඇති රථවාහන නඩු සංඛ්‍යාව 29, 461ක්. උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුම් 20 වනදා දක්වා ක්‍රියාත්මකයි.

    Latest News