කළුතර වෙළෙඳසැල් පරීක්ෂාවට

දෙසැ 23, 2020

    කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල වෙළෙඳසල් පරීක්ෂා කිරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

    වසර අවසානයේ කල් ඉකුත් වූ සහ පුද්ගල පරිභෝජනයට නුසුදුසු ආහාර ජනතාව අතර පත්වීම වැළැක්වීම අරමුණයි. වෙළෙඳසල් පරීක්ෂාව ක්‍රියාවට නංවනු ලැබ ඇත්තේ, කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ උදය රත්නායක මහතාගේ උපදෙස් අනූවයි.

    එහි පළමු වැඩසටහන ඉංගිරිය නගරයේ ක්‍රියාත්මක කෙරිණ. වෙළෙඳසැල් පරීක්ෂාවට ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් එක්ව සිටියේය.

    අප වාර්තාකරු පවසන්නේ,මෙහිදී වෙළෙඳසල් 30කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කෙරුණු බවයි. එක් වෙළෙඳසලකට එරෙහිව නඩු පැවරීමට පියවර ගැනිණ. තවත් වෙළෙඳසල් ගණනාවක තිබූ පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග රැසක් විනාශ කිරීමට පියවර ගනු ලැබීය.

    Latest News