මතුගම වෙළෙඳසැල් 11කට නඩු

අප්‍රේ 02, 2021

    කල් ඉකුත් වූ සහ පුද්ග පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන් සෙවීමේ අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

    එළඹෙන උත්සව සමයේ පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණයි.

    මතුගම නගරයේ ආපන ශාලා සුපිරි වෙළෙඳසැල් සහ තොග වෙළෙඳසැල් පරීක්ෂා කිරීම මතුගම,අගලවත්ත,දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

    එහිදී කල් ඉකුත් වූ දිනය වෙනස් කර තිබූ සහල් කිලෝ 4,000ක් පමණ සහ පොල්තෙල් ඇතුළු පරිභෝජනයට නුසුදුසු තවත් ආහාර ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට හැකි වී තිබේ.

    නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමකින් තොරව භාණ්ඩ නිකුත් කළ වෙළෙඳසැල්වලට දැඩි ලෙස අවවාද කෙරිණ.

    වෙළෙඳසැල් 11කට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඊට අදාළ සැකකරුවන් අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News