ළග තියාගෙන වැඩ වරද්ද ගන්න එපා

අප්‍රේ 11, 2023

    මෙවර මහ කන්නයේ දී ගොවීන් විසින් වගා කරන ලද බඩ ඉරිඟු තොග දැනට ගොවි ජනතාව සතුව තිබෙන බැවින් ඒවා වහාම අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.

    බඩ ඉරිඟුවල හිඟයක් දැනට රට තුළ පවතින බැවින් නැවත බඩ ඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

    මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් ගොවීන් තමන් සතු බඩ ඉරිඟු තොග ගබඩා කර තබා ගැනීමට කටයුතු කළ ද, බඩඉරිගු ආනයනය කළහොත් මිල ගණන් පහළ යා හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

    දැනට බඩ ඉරිඟු සදහා හොඳ මිලක් ලැබෙන බැවින් ගොවි ජනතාව සතුව පවතින බඩ ඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන ලෙසයි එම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

     

    Latest News